හසිත ඒකනායක - රට මැද සියපත

Translate to English

හසිත චතුරංග ඒකනායක වන මම 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා රට බේරාගත් අභීත නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ආශිර්වාදයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමේ ලාබාලතම අපේක්ෂකයා ලෙස තරඟ වදින ලද මා පිළිබඳව, දැක්ම පිළිබඳව ආදරණීය මහනුවර ජනතාව ලෙස දැනුවත් කිරීම වඩා යහපත් දූරධර්ශී ගමන් මගක ඇරඹුම ලෙස සළකමි.

කැදැල්ලෙන් පාසලට පාසලෙන් සරසවියට.

මා ඓතිහාසික කන්ද උඩරට මැදදුම්බර මැතිවරණ කොට්ඨාශයේ වැගල ග්‍රාමයෙහි උපත ලබා වෑගල කනිෂ්ඨ විදුහල, තෙල්දෙණිය ජාතික පාසල, හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීය. අනතුරුව උසස් පෙළ ගණිත අංශයෙන් සමත්ව ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කර්මාන්ත ගණිතය, පරිඝනක විද්‍යා උපාධිය හදෑරුවෙමි. වසර 4ක් පුරා මහනුවර මාතලේ අනුරාධපුර දරුවන්ට උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වන වෘත්තිය උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරම, ආණ්ඩුවේ මර්දනයට හසුවන තුරු වසර එකහමාරක කාලයක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද කටයුතු කලෙමි.

සරසවියෙන් දේශපාලනයට

1994 වසරේදී එක්සත් ජාතික පක්ෂ මැර පාලනයට එරෙහිව සටන් කල ප්‍රගතිශීලී කඳවුරේ මැදදුම්බර ප්‍රබල ක්‍රියාකාරිනියක වූ මවගේ අදහස් හා අභාෂය සමඟ පාසල් අවධියේ පටන්ම බිම් මට්ටමේ දේශපාලනය තුල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ මා 2009/2011 කාලය තුල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විල්සන් කුරුප්පුආරච්චි මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙස කටයුතු කල අතර 2011 වසරේදී සරසවි වරම් ලබා නවක වදයට එරෙහිව හඬ නගමින් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම් කරු ලෙස ශිෂ්‍ය දේශපාලනයට එක්විය. 2011 වසරේදීම, මවුබිම අවදිකළ දිනේෂ් ගුණවර්ධන මැති තුමාගේ ප්‍රතිපත්ති ගරුක දේශපාලන ගමන් මගෙහි යමින් සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයේ මහනුවර දිස්ත්‍රික් කැඳවුම් කරු ලෙස එක්වී මවුබිම නියෝජනය කරමින් ඉක්වදෝරයේ තුන්වැනි ලෝක තරුණ සමුළුව ආදී අවස්ථාවනිහිදී කටයුතු කරන්නට අවස්ථාව සැලසිණි. අනතුරුව සරසවි අධ්‍යාපනය අවසන් කොට 2014 මහජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්වී 2015 ජනාධිපතිවරණයේදී අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කලෙමි.

ජනවාරී 08 වෙනිදා රටම අඳුරු කල මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව යලිදු මෙරට මහින්ද රාජපක්ෂ නම් යුග පුරුෂයා හට භාර කරන්නට මග තනන ගමනට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සමඟ එක්වීමේ භාග්‍ය හිමි විය.

පෙබරවාරි 08 වන දින නුගේගොඩින් ඇරඹු ගමනේ සාමාජිකයෙකු වී මාර්තු මස 06 වෙනි දින මහින්ද සුළඟ මහනුවරට ගෙනෙන්නට කටයුතු කල අතලොස්සක් වූ පිරිස අතර ඉදිරියෙන් සිටි මා හට මැදදුම්බර මහින්ද සුළගින් අවදි කරන්නට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංඝරත්නයේ හා මැදදුම්බර ජනතාවගේ ආශිර්වාධයෙන් හැකි වූ භව සිහිපත් කරන්නේ මහත් වූ අභිමානයෙනි.

විවිධ තර්ජන අභියෝග හමුවේ නොසැලී සිටිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති කරවීමේ අභිමන් සටනට උරදුන් මා මව්බිමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරිපත්වී සිටින්නෙමි.

විකසිත අනාගතයකට සෞභාග්‍යමත් හෙට දවසකට සැරසෙමු.

01. මව්බිමට එන අභියෝගයන්ට මුහණ දෙන ශක්තිමත් තරුණ නායකයෙකු ලෙස
02. මහින්ද රාජපක්ෂ නම් වූ අභීත සෙන්පතියා වෙනුවෙන් නැගෙන හඬක් ලෙස
03. ඔබ අතරම ඉපදී ඔබ තුලින් මතුවන ආදරණීය සහෝදරයෙකු දරුවෙකු ලෙස
04. තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වෙනුවෙන් ස්ථිර වැඩපිළිවෙලක් සකස් කරන තරුණයෙකු ලෙස
05. ප්‍රදේශයේ සංවර්ධන සිහිනයන් යතාර්ථයක් බවට පත්කරන්නෙකු ලෙස
06. ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් නීති සැකසෙන පාර්ලිමේන්තුවේ බුද්ධිමත් හඬක් ලෙස
07. නිදහස් අධ්‍යාපනය සුරකිමින් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිමය වෙනසක් සඳහා වූ නැගෙන හඬක් ලෙස.
08. රාජ්‍ය සේවයේ ගෞරවනීය සංවර්ධනයට කැපවන්නෙකු ලෙස
09. ස්වයං රැකියා තුලින්, ව්‍යාපාර තුලින් ශක්තිමත් ප්‍රජාවක් බිහිකිරීමේ සැලසුම් සහගත මග පෙන්වන්නෙකු ලෙස
10. ළමා, වැඩිහිටි, තරුණ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිය හැකි සමාජ සංවර්ධනයේ නව ආකල්පමය වෙනසකට සැරසෙන්නෙකු ලෙස